දොලහේ කනිසමේ ඇහෙන සීනු හඩත් එක්ක මිනිස්සු එකා
දෙන්න ආවා..අතින් කටෙන් උනුවතුර බෝතල් උස්සගෙන මූන පුරාම දුක වෙදනව කිදා
බැහපු වුනු මිනිස්සු..ඒ ගෝශවත් එක්ක ලෙඩ්ඩුන්ගෙ කෙදිරිලි හඩ..මමත් ලෙඩෙක්ද
දෙයියනෙ..???කියන්න විහග මම කරපු වරද මොකක්ද මේ තරම් දුක් උහුලන්න..හිතුමතේ
විහිදුනු හැඩයක් රටාවක් නැති සිතුවිලි පොකුරක පැටලිලා හිත ඈතට දුවන්න
හඩහන්කොට ඈතින් දැක්ක අම්ම එනවා..පුන්චි රෝස මල් වැටුනු ගවුමට එයා ගොඩක්
හැඩයි ව්ගේ පෙනුනා..ඒත් ඒත්...,අම්මගේ මූන ලොකු කලු වලවකින් වැහිලා
වගේ ''අනේ මට සමාවෙන්න දුන්නු ගින්දරට''
හිත කෑ ගහල කිව්වත් පිටවුනේ
සීතල සුසුම් පොදියක දියවුනු කදුලු විතරයි..ඔහේ පාවෙන හුලගේ පාවෙච්ච ඒ
සුසුම් දිහා නොබලම මම හිනාවකින් මූනම වහගන්න උත්සහ කරාට හිතේ ගැබුරේ ඉකිගහන
ආත්මය මරන්නේ කොහොමද??
''නිකිණි රිදෙන්වද තාමත්''
''ඇයි රත්තරනෙ දුවේ මෙහෙම කරන්නේ''
අම්මගේ
වචන වැලටම උත්තර දුන්නේ මගේ එක හිස් බැල්මක් විතරයි.අම්ම මගේ ඈස් දිහා
නොබලා වෙන කොහේදෝ බලාගෙන මාත් ඒ දිහාට ඇස් හැරෙව්වා..කකුලා ගාව බැන්ඩේජ්
වලින් එතිලා මගේ අත නිසොල්මනේ තිබුනා..ඒක දැකලා හීන් වේදනාවක් දැනුනා අතේ
ඇට මිදුලු දිගේ මිරිකෙන වේදනාවක්..මගේ හිත ආයෙමත් අම්ම දිහාට හැරුනේ මගේ
අනිත් අතෙන් එයා හයියෙන් අල්ලගත්ත හින්දයි..අම්මා ඇදේ මගේ පැත්තෙන් වාඩි
වෙලා මගේ අත එයාගේ අත් දෙකෙන්ම අල්ලන් නලලට කරන් ...
ඇහුනේ හීන් ඉකියක් විතරයි මගේ අතට වැහුනට එයාගේ ගැස්සෙන රිද්මේ හදවතේ ගැබුරුම තැනක් හිමින් රිද්දුවා..
නොදැනීම
ඇස් අහකට ගත්තේ රිදෙන හින්දමයි..ඔහේ දොර දිහා බලන් හිටියා මේ දාහක් මූනු
අතරේ රත්තරන් ඔයාගේ මූනත් තිබුනනම්..දොර ගාව ඉදන් කලු ලොකු බෑග් එකකුත්
අරන් අයියා මන් දිහාට එන්න හැරුනා..දඩියට පිටටම ඇලුන කමිසේන් කිව්වේ
මහන්සියද වේදනාවද මන්දා..
''අම්මේ අයියා..''
මගේ වචනෙත් එක්කම අම්ම එයාගේ කදුලු හරි ඉක්මන්ට පිහිදගෙන අයියා දිහා බැලුවා..
''නිකිණි දැන් කොහොමද''
මගෙන් උත්ටරයක් ලැබුනේ නෑ..
''පුතේ සහන් මම ගෙදර යන්නම් එහෙනම් උයන්නත් එපැයි පුතා පස්සේ එන්න''
අම්ම ඒ ටික කිව්වෙ හරියට මගෙන් ගැලවිලා යන්න ඕනි කියනව වගේ හරි ඉක්මන්ට
''හොද වැඩේ නිකන් ඉන්නේ නැතුව මේ කොල්ලෙක් හින්දා නහින්න හදනවට''
ටිකක් හිතනව කෙල්ලේ අම්මා ගැනවත් ඒයේ ඉදන් එ මනුස්සය හරියට කෑමක්වත් ගත්තේ නෑ තමුසේ හින්දා''
දුකටම
කියවෙන අයියගේ වචන වලට ටිකෙන් ටික කේන්තියකුත් ඇවිත්.සමහර විට මගෙන් ඒවට
කිසි ප්‍රතිචාරයක් නැති එකත් ඒකට හේතුවක් වුනාද දන්නේ නෑ..
''කොහෙවත් යන හිගන කොල්ලෙක් හින්දනේ මේ ඕකව අහු වුනොත් මට.....''
ඊට පස්සෙ කිව්ව මොකුත් මට ඇහුනේ නෑ..
''විහග...........'' මගේ හඩින් වාට්ටුවේ හිටිය හැමෝම මන් දිහා බැලුවා සමහරු මං දිහා බැලුවේ හරිය්ට් විස කූබියෙක් දිහා බලන්ව වගේ...
''කෝ මගේ විහග..???දෙයියනේ අයියේ කියන්න කෝ මගේ විහග...''
වාට්ටුවම දෙදරන්න මම කෑ ගහද්දි අයියා මාව අල්ලගන්න බැලුවා උරහිස් දෙකෙන්//
ඒත් එක්කම දුවල ආවා වස පාට නර්ස් කෙනෙක්..හැමෝම මං දිහා බැලුවේ හරියට සතෙක් දිහා බලනව වගේ..අනේ මට ඒ වෙලේ ඕනි උනේ මොකක්ද කියල මේ ලෝකේ දන්න කිසිම කෙනෙක් නෑනෙද හිතුනා..විහග ඔයාගේ උනුහුම් පපුවේ මගේ මූන හන්ගගන්න ඇත්තම්....
''එපා කියන්න අයියේ ප්ලීස් එපා කියන්න ''අයියා මාව අල්ලන් ඉද්දි පුන්චි ඉන්ජෙක්සන් කටුව මගේ දකුනු අත ඇතුලට කිදා බැස්සා....
''ඇයි දෙයියනේ මට මැරෙන්න දෙන්නේ නැත්තේ''
මං දිහා බලන් හිටිය නුහුරු මූනු හිමි හිමින් මැකිලා ගියා...
........ඒ ලග ගෙතුම එන තෙක් විරාමයකි........
මී ලග ගෙතුම ඉක්මනට දිග හරින්න
ReplyDeleteහරින්නම් හරින්නම් :ඩී
Deleteලගදිම මේ ලියවෙන දුක් බර ස්ටයිල් එක වෙනස් වෙන වගයි ටන් ටනන් ටා
හා... යං යං ඔහොම යං! ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගොඩාක් වචන වැරදියි.අක්ෂර වින්‍යාසය හදාගන්න...
ReplyDeleteඩිරෙක්ට් යුනිකෝඩ් නම් ටයිප් කරන්නෙ, වැරදි අඩුයි. මේ ලේ අවුට් එක අධ්‍යයනය කරන්න.
දැනට කට පියාගෙන සිටිමි. ;)
ReplyDelete