2013-07-03

ඔබේ පාමුල පරව යන්නට....

                   ....රොහලේ සිට පැමින දෙසතියකට පසු..

                           වෙනදා ලග සිටි අම්මාද මා මගහරින බව දැනුනද එහි අසාදරනත්වයක් නොමැත
දුකෙහි අවසානය කවදා වෙයිදැයි නොදනිමි..එහෙත් දින ගනිමි.ඇස් වලින් රූර වැටීමට මෙතරම් කදුලු කොහෙන්දෝයි නොදනිමි..සිනා ස්තුට මැද ගෙවුනු දිවියෙහි කුමක් හෙඔ මගහැරී ඇත..
    මතකයන් අමතක කරන්නට තනන වාරයක් පාස යලි යලිත් මතකයේ ගිනි හද තුල ඇවිලේ ගිනි ගෙන දැවෙන හඩහ්වතෙන් පිට වෙන සිසිල් අලු මෙන් වූ සීතල කදුලු බිදු කොපුල් වලට හුරුය

මතකයේ ගිනි මැද නොදවී ශෙශ වන්නේ කදුලු මතකය පමනක් වීම අරුමයකි.
   විහග ආදරේ අරුත යැයි සිතුවී ඔබය..විශවාස කලෙත් ඔබවමය..හැර ගියෙත් ඔබ පමනකි..

කලෙක සිට පැවති හිසේ කැක්කුම දැඩිව දැනෙන්නට පටන් ගෙන ඇත..දුකෙහි කෙලවර සොයනට දුන් බෙහෙත් සියල්ල අහුරකට ගත් මා උගුර දෙකකට සියල්ල බීවෙමි..බෙහෙත් ගද ඔක්කාරය ඇති කරවන තරම්ය..
පුන්චි බ්ලෙඩ් තලයක් ගෙන අත පුරා ඉරි ඇන්දෙමි ..නුඹේ රුව ලේ බිදු වල මවන්නට තැනුවෙමි,විහග විහග විහග....කදුලල් මැදින් නුබේ නම කීවෙමි..ලේ බිදු පැන නැගී අතම රත් පැහැ ගැන්වෙද්දී කුමක්දෝ හේතුවකට සිනා සෙන්නට සිතේ කොක් හඩලා සිනා සෙන්නට සිතේ...
මා ටිකකින් යලු ඇත නොයන්නම යනු ඇත..නුඹේ පාමුල පරවයන්න අවසර නොමැතිව තනිකම පාලුව ලයට තුරුල් කර මියයන්න මා පවු කාරියක් වී ඇත..

 ''ආදරේ නාමයෙන් යලි අපි හමු නොවේවී''
                             
              

ම ඇස් පියා ගත්තෙමි..නමුත් දැනෙන ඔක්කාර ගතියට සැනෙකින් පිබිදුනෙමි..කමරයේ බිම පුරා ලේ මුසු වූ වමනෙන් සේදී යන්නට ඇත,,,වේදනව විස්තර කල නොහැකි තරම්ය මුලු ගතම වේදනාවෙන් මිරිකී යයි..හිටගෙන සිටීමට වාරු නැති කකුල් පැටලී බිම වැටුනි..සියල්ල ඉතා හිමින් ඈතට පාවෙනු දුටිමි..ලෝකයම හිතා ගත නොහැකි තරම් වේගයෙන් කැරකෙනු දැනේ...

       අම්මා,අප්පච්චී හා අයියා දොරට ගසන හඩ කොහේදෝ ඈතක සිට පැමිනෙන හඩක් සේ එසේ''අනේ අප්පච්චි''හිසේ සිට කකුල දක්වාම් අදී යන දැටි වේදනාවට ඇස් නිලන්කාර වේ..ජීඉතය ඉලා දෙවියන්ගෙන් යැදීමට සිතුවද ගත මෙන්ම සිතද ඇදහිය නොහැකි තරම් දුබල වී ඇති බව පසක් විය
ටකරම් වහලෙකට වැටෙන දිය බිදු මෙන් දැඩි හඩකින් හද ගැස්ම ඇසේ..ඉහලිය නොහැකි තරම් වේගයකින් ගැහෙන පපුවේ පීඩනය දාරා ගැනීමට දුබල වූ ගතට වාරු නැත...
අයියා හා අප්පච්චී දොරට  ගැසූ දැඩි පහරකින් අගුල බුරුල් වී දොර ඇරුනි...

කලබලයෙන් මා වෙත දුව ආ අම්මා අප්පච්චී හා අයියාගේ හඩ මට නොඇසේ..බොද වුන චාය වන් ලෙස හිමි හිමින් දිවෙන සිහින දාමයක්දැයි සිතුනි.තප්පරයක් කල්පයක් මෙනි,,,

        ජීවිතය ඉල්ලා කෙ ගැසීමට සිතුනි..
අප්පච්චීගේ දෑත් මතින් නැගී සිටීමට අයියාද සහය වුනු නමුදු..යලි බිම වැටුනේ අම්මගේ කෑ ගසීමත් එක්කමය..යලි අයියා මාව ඔසවා ගත් නමුත් ඔහුගේ දැඩි බාහු අතරින් කඩා වැටුනු හිස වරු දීගත නොහැකිය...සෙමින් ලොවම මා දමා යන ලෙසකි..,

        සතියකට වැඩි කලක් රෝහල් ඇදක් මතට වී විදෙව්වෙමි.,කුසගිනි දැනුනද කුඩා ආහාරයක් වුවද ගැනීමට අසීරු විය..හිස කෙලින් කරන වාරයක් පාස දැනෙන ඔක්කාර ගතිය මහත් වදයකි.....
විටෙක සේලයින් බින්දු වැටෙන ර්ටාව සෙව්වෙමි..පැය ගනන් අරමුනක් සොයා බලා සිටියෙමි
ඈස් වසා නුබේ රුව සැගව ගිය තැන් පිරික්සුවෙමි...සුසුම් සමග පපුව ගැබුරට විහිදුන බෙහෙත් ගද ජීවිතයෙහි උරුමයක්දැයි සිතේ

                                               
        ........ඒ ලග ගෙතුම එන තෙක් විරාමයකි........

මේ තරම් විදව්න්න මම කරපු වරද මොකක්ද විහග?????????

                                                         දොලහේ කනිසමේ ඇහෙන සීනු හඩත් එක්ක මිනිස්සු එකා දෙන්න ආවා..අතින් කටෙන් උනුවතුර බෝතල් උස්සගෙන මූන පුරාම දුක වෙදනව කිදා බැහපු වුනු මිනිස්සු..ඒ ගෝශවත් එක්ක ලෙඩ්ඩුන්ගෙ කෙදිරිලි හඩ..මමත් ලෙඩෙක්ද දෙයියනෙ..???කියන්න විහග මම කරපු වරද මොකක්ද මේ තරම් දුක් උහුලන්න..හිතුමතේ විහිදුනු හැඩයක් රටාවක් නැති සිතුවිලි පොකුරක පැටලිලා හිත ඈතට දුවන්න හඩහන්කොට ඈතින් දැක්ක අම්ම එනවා..පුන්චි රෝස මල් වැටුනු ගවුමට එයා ගොඩක් හැඩයි ව්ගේ පෙනුනා..ඒත් ඒත්...,අම්මගේ මූන ලොකු කලු වලවකින් වැහිලා වගේ ''අනේ මට සමාවෙන්න දුන්නු ගින්දරට''
හිත කෑ ගහල කිව්වත් පිටවුනේ සීතල සුසුම් පොදියක දියවුනු කදුලු විතරයි..ඔහේ පාවෙන හුලගේ පාවෙච්ච ඒ සුසුම් දිහා නොබලම මම හිනාවකින් මූනම වහගන්න උත්සහ කරාට හිතේ ගැබුරේ ඉකිගහන ආත්මය මරන්නේ කොහොමද??

     ''නිකිණි රිදෙන්වද තාමත්''


''ඇයි රත්තරනෙ දුවේ මෙහෙම කරන්නේ''
අම්මගේ වචන වැලටම උත්තර දුන්නේ මගේ එක හිස් බැල්මක් විතරයි.අම්ම මගේ ඈස් දිහා නොබලා වෙන කොහේදෝ බලාගෙන මාත් ඒ දිහාට ඇස් හැරෙව්වා..කකුලා ගාව බැන්ඩේජ් වලින් එතිලා මගේ අත නිසොල්මනේ තිබුනා..ඒක දැකලා හීන් වේදනාවක් දැනුනා අතේ ඇට මිදුලු දිගේ මිරිකෙන වේදනාවක්..මගේ හිත ආයෙමත් අම්ම දිහාට හැරුනේ මගේ අනිත් අතෙන් එයා හයියෙන් අල්ලගත්ත හින්දයි..අම්මා ඇදේ මගේ පැත්තෙන් වාඩි වෙලා මගේ අත එයාගේ අත් දෙකෙන්ම අල්ලන් නලලට කරන් ...
ඇහුනේ හීන් ඉකියක් විතරයි මගේ අතට වැහුනට එයාගේ ගැස්සෙන රිද්මේ හදවතේ ගැබුරුම තැනක් හිමින් රිද්දුවා..



නොදැනීම ඇස් අහකට ගත්තේ රිදෙන හින්දමයි..ඔහේ දොර දිහා බලන් හිටියා මේ දාහක් මූනු අතරේ රත්තරන් ඔයාගේ මූනත් තිබුනනම්..දොර ගාව ඉදන් කලු ලොකු බෑග් එකකුත් අරන් අයියා මන් දිහාට එන්න හැරුනා..දඩියට පිටටම ඇලුන කමිසේන් කිව්වේ මහන්සියද වේදනාවද මන්දා..

''අම්මේ අයියා..''
මගේ වචනෙත් එක්කම අම්ම එයාගේ කදුලු හරි ඉක්මන්ට පිහිදගෙන අයියා දිහා බැලුවා..
    ''නිකිණි දැන් කොහොමද''
මගෙන් උත්ටරයක් ලැබුනේ නෑ..
''පුතේ සහන් මම ගෙදර යන්නම් එහෙනම් උයන්නත් එපැයි පුතා පස්සේ එන්න''

අම්ම ඒ ටික කිව්වෙ හරියට මගෙන් ගැලවිලා යන්න ඕනි කියනව වගේ හරි ඉක්මන්ට

''හොද වැඩේ නිකන් ඉන්නේ නැතුව මේ කොල්ලෙක් හින්දා නහින්න හදනවට''
ටිකක් හිතනව කෙල්ලේ අම්මා ගැනවත් ඒයේ ඉදන් එ මනුස්සය හරියට කෑමක්වත් ගත්තේ නෑ තමුසේ හින්දා''

දුකටම කියවෙන අයියගේ වචන වලට ටිකෙන් ටික කේන්තියකුත් ඇවිත්.සමහර විට මගෙන් ඒවට කිසි ප්‍රතිචාරයක් නැති එකත් ඒකට හේතුවක් වුනාද දන්නේ නෑ..

''කොහෙවත් යන හිගන කොල්ලෙක් හින්දනේ මේ ඕකව අහු වුනොත් මට.....''
ඊට පස්සෙ කිව්ව මොකුත් මට ඇහුනේ නෑ..

''විහග...........'' මගේ හඩින් වාට්ටුවේ හිටිය හැමෝම මන් දිහා බැලුවා සමහරු මං දිහා බැලුවේ හරිය්ට් විස කූබියෙක් දිහා බලන්ව වගේ...           




                                                 
''කෝ මගේ විහග..???දෙයියනේ අයියේ කියන්න කෝ මගේ විහග...''

වාට්ටුවම දෙදරන්න මම කෑ ගහද්දි අයියා මාව අල්ලගන්න බැලුවා උරහිස් දෙකෙන්//
ඒත් එක්කම දුවල ආවා වස පාට නර්ස් කෙනෙක්..හැමෝම මං දිහා බැලුවේ හරියට සතෙක් දිහා බලනව වගේ..අනේ මට ඒ වෙලේ ඕනි උනේ මොකක්ද කියල මේ ලෝකේ දන්න කිසිම කෙනෙක් නෑනෙද හිතුනා..විහග ඔයාගේ උනුහුම් පපුවේ මගේ මූන හන්ගගන්න ඇත්තම්....

''එපා කියන්න අයියේ ප්ලීස් එපා කියන්න ''අයියා මාව අල්ලන් ඉද්දි පුන්චි ඉන්ජෙක්සන් කටුව මගේ දකුනු අත ඇතුලට කිදා බැස්සා....

            
http://sirpatrickofireland.files.wordpress.com/2011/09/tears.jpg
           
''ඇයි දෙයියනේ මට  මැරෙන්න දෙන්නේ නැත්තේ''

මං දිහා බලන් හිටිය නුහුරු මූනු හිමි හිමින් මැකිලා ගියා
...

                                               
        ........ඒ ලග ගෙතුම එන තෙක් විරාමයකි........

2013-06-21

අදුරුට තවත් ගුලි වෙමින්...

                                 

                                                 මා බලා සිටියෙමි..නමුත් කොපමන වෙලාවක් දැයි නිච්චියක් නොමැත.සැදෑ හිරු එලියෙහි කහ පැහැ රශ්මිය කෙමෙන් අඩුවී සැදෑ අදුර කෙමෙන් ලන් වේ..හෙමි හෙමින් පැමිනෙන අදුඅරට මා තවත් ගුලි වෙන්නට තැත් කරමි ..මැදියම් රැයත් පහු වී ඇති බ්ව යාන්තම් සිහිවේ නමුත් අදුරෙන් ඈස් එලියට ගත නොහැකිය 

   

                                        අදුර වැඩි වන විට මතකය තවත් හදවත පාර සිනසෙන්නට විය..හිනා හඩ කෙමෙන් ඇසේ ඔව් ඒ මාගෙම සිනා හඩ නමුත්.,ඒ හඩ මැකී නුඹ තෙපලූ අවසන් වදන් පපුවේ ගැබුරුම තැනක සිට අවිලෙන ගින්නකින් නැගෙන්නා වූ දුමක් මෙන් ජීවිතය කලු වලාවකින් වසා ගනී..


         


                              ඔබ නැතිව ගෙවන තෙවනි මස මෙයයි..ඉකි බිදීමට ලැජ්ජා නමුදු සීතල කදුලක් නොදැනීම දෙකොපුල් තෙත් කරයි..ජීවිතය දිය කරන මේ කදුලු වලට ම්ම වෛර කරමි

දුක වෛරය  තරහව කැටි කරගත් හදිසියෙම පැන නැගුනු ආවෙගයකින් අතේ තිබුනු වීදුරුව තදින් මිරිකුවෙමි.....

නමුත් නොරිදේ...මුලු අත පුරා පැතිර ගිය සීතල හිරිය හිතටත් ඇතුල් වෙනු දැනේ ඒ හිරියත් සමග සැනසීමක අන්ශු මත්‍රයක් හිතට දැනේ..
                                   ලේ බින්දු වීදුරු කටු මත මවන තාලය හා එක් වුනු හද ගැස්ම මාව සැනසීමට උත්සුක වෙයි.



''දෙයියනේ... නිකිණි! මොකක්ද දරුවෝ මේ කරගත්තේ ''

අම්මාගේ හඩ ඇසුනද සිතට ඒ හඩ කාන්දු වන්නේ මද වශයෙනි..

''සහාන් සහාන්..!!පුතේ අප්පච්චි එක්ක එන්න ..නංගි ආයෙමත් තුවාල කරගෙන''

අප්පච්චිගේ ගොරෝසු අත් මගේ උරහිස මත රැදුනු විට යාන්තම් පියවි සිහිය ලැබුවෙමි..ඇස් ලොකු කර අප්පච්චී දෙස බලා ''අහ්...'' කියනවා ඇර වෙනකක් කිරීමට බැරි විය..

''මේකිටනම් යකෙක්වත් ගහලද දන් නෑ..දැන් මේ කීවෙනි පාරද අම්ම''
''සහාන් දැන් ඕව කියවන්නේ නැතුව ගිහින් 3වීල් එකකට එන්න කියන්න නන්ගිව හොස්පිටල් ගෙනියන්න''

              අම්මගේ නලියන දුකක් සමග කලබලය පිරුනු ඒ වචන හිමින් සවනත රිද්දමින් පිරිමදින්වත් එක්කම වට පිට නොපෙනී ගියා..

..............................................................................................................................................



''කියන්න විහග ක්වදාවත් ඔයා මගෙන් ඈත් වෙන්නේ නෑ නේද??''


''අනේ නිකිණි මට පුලුවන්ද රත්තරනේ ඔයාගෙන් ඈත් වෙන්න.ඔයා මට මගේම හුස්ම පොද වගේ කෙල්ලේ
ඒ හින්ද හැමදාම මේ වගේ තදා කරල තුරූල් කරන් ඉන්නව''

අන්තිම වචන ටික එක්ක විහගගේ මූනේ ඇදිලා ගියපු දග හිනාවයි දිලිසෙන ඇස් දෙකයි කොයිතරම් ලස්සනද?

 ''මගේ පිස්සු කොල්ලා''
''අහ්හ් මමද ඒ පිස්සා එතකොට.,ඔයා පිස්ස කිව්වනේ ම්ම තරහඉ.හුප්''

බොරු චන්ඩි කමකුත් හිතට අරන් බෑග් එකත් එක කරකට දාගෙන විහග යන්න නැගිට්ටා.. 
''විහග''මම ඒ දේ කිව්වෙ පොඩි තරවටුවකුත් හිතේ තියන්,. මම විහගගේ අත තවත් තද කරන් අල්ලන් හිටියා..විහග අයෙමත් දගකාර හිනාවක් මූනට අරන් මට ලන් උනා එයාගේ හුස්මක් පවා දැනෙන තරම් ලගට එයාගේ සිනිදු අත් දෙකෙන් මගේ ඇස් වහුවා..ඒ අත් වලින් හමබු පිරිමි විලවුන් සුවදෙ මට දැනුනේ පුරුදු බවක්..එයාගෙ තෙත හාදුව දැන් දැන් මගේ කම්බුලේ ඇදෙලා යයි හිතුවා මම බලන් හිටියා ''විහග...??''
කිසි සද්දයක් නෑ මම හිමින් ඇස් ඇරල බැලුවා විහග නෑ..

         ''විහග..!!''

මගේ හඩ දොන්කාර දුන්නා..හිමිට හිමිට තිබ්බ හැමදේම බොද වෙලා ගියා..ඒත් එක්කම හීනි වේදනව්ක් ත දිගේ ඇවිත් ඇග පුරාම පැතිරෙන්වා දැනුනා..මම හිමින් ඇස් ඇරලා බැලුද්දි අප්පච්චි මං දිහා බලන් ඉන්නවා එහා පැත්තේ අම්මා.අපි යන ගමන්.ඒත් කොහෙටද දන්නේ නෑ.හිතන ඕනි කමක් තිබ්බෙත් නෑ ඒ ගැන.අම්මගේ හීනි එකියක් වගේ හඩ ඇහෙනකොට මම අයෙමත් ඇස් තද කරල පියා ගත්තා.
             ඔව් එයාල මං ගැන කතා කරනවා.ලෝකෙටම මාව බරක්ද කොහෙද..පියාගත්තු ඇස් දෙක දිගේ පුන්චි කදුලු බින්දුවක් ඇස් අගින් ගලාගෙන ගියා..

                                  ........ඒ ලග ගෙතුම එන තෙක් විරාමයකි........