Showing posts with label පලමු දිගහරුම. Show all posts
Showing posts with label පලමු දිගහරුම. Show all posts

2013-06-21

අදුරුට තවත් ගුලි වෙමින්...

                                 

                                                 මා බලා සිටියෙමි..නමුත් කොපමන වෙලාවක් දැයි නිච්චියක් නොමැත.සැදෑ හිරු එලියෙහි කහ පැහැ රශ්මිය කෙමෙන් අඩුවී සැදෑ අදුර කෙමෙන් ලන් වේ..හෙමි හෙමින් පැමිනෙන අදුඅරට මා තවත් ගුලි වෙන්නට තැත් කරමි ..මැදියම් රැයත් පහු වී ඇති බ්ව යාන්තම් සිහිවේ නමුත් අදුරෙන් ඈස් එලියට ගත නොහැකිය 

   

                                        අදුර වැඩි වන විට මතකය තවත් හදවත පාර සිනසෙන්නට විය..හිනා හඩ කෙමෙන් ඇසේ ඔව් ඒ මාගෙම සිනා හඩ නමුත්.,ඒ හඩ මැකී නුඹ තෙපලූ අවසන් වදන් පපුවේ ගැබුරුම තැනක සිට අවිලෙන ගින්නකින් නැගෙන්නා වූ දුමක් මෙන් ජීවිතය කලු වලාවකින් වසා ගනී..


         


                              ඔබ නැතිව ගෙවන තෙවනි මස මෙයයි..ඉකි බිදීමට ලැජ්ජා නමුදු සීතල කදුලක් නොදැනීම දෙකොපුල් තෙත් කරයි..ජීවිතය දිය කරන මේ කදුලු වලට ම්ම වෛර කරමි

දුක වෛරය  තරහව කැටි කරගත් හදිසියෙම පැන නැගුනු ආවෙගයකින් අතේ තිබුනු වීදුරුව තදින් මිරිකුවෙමි.....

නමුත් නොරිදේ...මුලු අත පුරා පැතිර ගිය සීතල හිරිය හිතටත් ඇතුල් වෙනු දැනේ ඒ හිරියත් සමග සැනසීමක අන්ශු මත්‍රයක් හිතට දැනේ..
                                   ලේ බින්දු වීදුරු කටු මත මවන තාලය හා එක් වුනු හද ගැස්ම මාව සැනසීමට උත්සුක වෙයි.



''දෙයියනේ... නිකිණි! මොකක්ද දරුවෝ මේ කරගත්තේ ''

අම්මාගේ හඩ ඇසුනද සිතට ඒ හඩ කාන්දු වන්නේ මද වශයෙනි..

''සහාන් සහාන්..!!පුතේ අප්පච්චි එක්ක එන්න ..නංගි ආයෙමත් තුවාල කරගෙන''

අප්පච්චිගේ ගොරෝසු අත් මගේ උරහිස මත රැදුනු විට යාන්තම් පියවි සිහිය ලැබුවෙමි..ඇස් ලොකු කර අප්පච්චී දෙස බලා ''අහ්...'' කියනවා ඇර වෙනකක් කිරීමට බැරි විය..

''මේකිටනම් යකෙක්වත් ගහලද දන් නෑ..දැන් මේ කීවෙනි පාරද අම්ම''
''සහාන් දැන් ඕව කියවන්නේ නැතුව ගිහින් 3වීල් එකකට එන්න කියන්න නන්ගිව හොස්පිටල් ගෙනියන්න''

              අම්මගේ නලියන දුකක් සමග කලබලය පිරුනු ඒ වචන හිමින් සවනත රිද්දමින් පිරිමදින්වත් එක්කම වට පිට නොපෙනී ගියා..

..............................................................................................................................................



''කියන්න විහග ක්වදාවත් ඔයා මගෙන් ඈත් වෙන්නේ නෑ නේද??''


''අනේ නිකිණි මට පුලුවන්ද රත්තරනේ ඔයාගෙන් ඈත් වෙන්න.ඔයා මට මගේම හුස්ම පොද වගේ කෙල්ලේ
ඒ හින්ද හැමදාම මේ වගේ තදා කරල තුරූල් කරන් ඉන්නව''

අන්තිම වචන ටික එක්ක විහගගේ මූනේ ඇදිලා ගියපු දග හිනාවයි දිලිසෙන ඇස් දෙකයි කොයිතරම් ලස්සනද?

 ''මගේ පිස්සු කොල්ලා''
''අහ්හ් මමද ඒ පිස්සා එතකොට.,ඔයා පිස්ස කිව්වනේ ම්ම තරහඉ.හුප්''

බොරු චන්ඩි කමකුත් හිතට අරන් බෑග් එකත් එක කරකට දාගෙන විහග යන්න නැගිට්ටා.. 
''විහග''මම ඒ දේ කිව්වෙ පොඩි තරවටුවකුත් හිතේ තියන්,. මම විහගගේ අත තවත් තද කරන් අල්ලන් හිටියා..විහග අයෙමත් දගකාර හිනාවක් මූනට අරන් මට ලන් උනා එයාගේ හුස්මක් පවා දැනෙන තරම් ලගට එයාගේ සිනිදු අත් දෙකෙන් මගේ ඇස් වහුවා..ඒ අත් වලින් හමබු පිරිමි විලවුන් සුවදෙ මට දැනුනේ පුරුදු බවක්..එයාගෙ තෙත හාදුව දැන් දැන් මගේ කම්බුලේ ඇදෙලා යයි හිතුවා මම බලන් හිටියා ''විහග...??''
කිසි සද්දයක් නෑ මම හිමින් ඇස් ඇරල බැලුවා විහග නෑ..

         ''විහග..!!''

මගේ හඩ දොන්කාර දුන්නා..හිමිට හිමිට තිබ්බ හැමදේම බොද වෙලා ගියා..ඒත් එක්කම හීනි වේදනව්ක් ත දිගේ ඇවිත් ඇග පුරාම පැතිරෙන්වා දැනුනා..මම හිමින් ඇස් ඇරලා බැලුද්දි අප්පච්චි මං දිහා බලන් ඉන්නවා එහා පැත්තේ අම්මා.අපි යන ගමන්.ඒත් කොහෙටද දන්නේ නෑ.හිතන ඕනි කමක් තිබ්බෙත් නෑ ඒ ගැන.අම්මගේ හීනි එකියක් වගේ හඩ ඇහෙනකොට මම අයෙමත් ඇස් තද කරල පියා ගත්තා.
             ඔව් එයාල මං ගැන කතා කරනවා.ලෝකෙටම මාව බරක්ද කොහෙද..පියාගත්තු ඇස් දෙක දිගේ පුන්චි කදුලු බින්දුවක් ඇස් අගින් ගලාගෙන ගියා..

                                  ........ඒ ලග ගෙතුම එන තෙක් විරාමයකි........